ingredients

එබැවින් මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන සහල් ආශ්‍රිත අධි ශීත කල අතුරුපසක් ලෙස සහල් අයිස්ක්‍රීම් පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනය මගින් නවමු නිෂ්පාදනයක් ලෙස හදුන්වා දි ඇත. මෙය රයිස් ක්‍රීම් ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂි භෝගය වන්නනේ වී ය. සහල් අපගේ ප්‍රධාන ආහාරයයි. වැඩි අස්වැන්නක් ලබාදෙන වී ප්‍රභේද වගා කිරීම, වාරිමාර්ග පද්ධතියේ දියුණුව, පොහොර සහනාධාරය ලබාදිම වැනි සාධක මත මේ වන විට අප රටේ සහල්/වී නිෂ්පාදනයේ සැලකිය හැකි දියුණුවක් දැකිය හැක. මේ අනුව දෙශීය සහලින් අගය වැඩිකල නිෂ්පාදන වලට යොමු වීම මගින් අතිරික්ත සහල් නිෂ්පාදනයට විසදුමක් සේම එය දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනයටද පිටුවහලක් වනු ඇත.

rice cream 2

අයිස් ක්‍රීම් කෑමට කුඩා බාල මහලු කවුරුත් එක සේ ප්‍රිය කරති. අධි ශීත කරන ලද අතුරුපසක් වන අයිස්ක්‍රීම් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් කිරි, මේදය, සීනි, තෛලෝදකාරක, වර්ණක හා රසකාරක යොදා ගැනේ.

කිරි වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන අයිස්ක්‍රීම් නිෂ්පාදනය බොහොමයක් රට වල සිදු කරයි. සොයා කිරි යොදාගෙන නිපදවන සෝයා අයිස්ක්‍රීම් මෙයට කදිම උදාහරණයකි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් ලැක්ටෝස් ආසාත්මිකතාව නිසා හෝ වෙනත් හේතූන් නිසා කිරි ආශ්‍රිත අයිස් ක්‍රීම් ආහාරයට නැඹුරු නොවේ. තවද විවිධාංගීකරනය වූ ආහාර රටාවකට ප්‍රිය කරන මෙවන් කාලයක වෙනත් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරනු ලබන අයිස්ක්‍රීම් සදහා වෙළදපොලෙහි වැඩි විභවයක් ඇත.

අයිස් ක්‍රීම් වෙනුවට රයිස් අයිස් ක්‍රීම්
white bg
rice cream 1
rice milk
rice ice

හේමන්තිකා ජයවර්ධන
පර්යේෂණ නිළධාරී
පසු අස්වනු තාක්ෂණ ආයතනය